බව දුර



වත්මන් සමාජයේ මල්ශාලා කර්මාන්තය දියුණුවේ හිනිපෙත්තටම නැගී ඇති අතර එදා පැවැති අවමංගල චාරිත්‍ර චාරිත්‍රද මේ වන විට අභියෝගයට ලක්ව වෙනස්වෙමින් පවතී. මෙම නවකතාවට මූලික පදනම වැටී ඇත්තේ ඒ ආශ්‍රයෙනි. අනගාරික දම්පල් මග යමින් ජීවිතය හැඩගස්වා ගත් බොහෝ ඇත්තන් එදා නිවැරදි මග දුටුවද, ඒවා ඉදිරියට ගෙන යාමට නොහැකිව අතරමං වූ වත්මන් පරම්පරාව අදුරේ අහුමුළු අතගාමින් සොයන්නේ ඔවුන්ගේ ජීවන රිද්මයයි. අනගාරික දම්පල් මග යන අර්නෝලිස්ද එයට ප්‍රතිවිරුද්ධ දිශාවට දිව යන ඔහුගේ පුතුන් වන වීරබාහු, ජයබාහු වැනි පුද්ගල චරිත කේන්ද්‍ර කර ගනිමින් මෙම සංස්කෘතික ගැටුම තීව්‍ර කිරීමට මෙම නවකතාවෙන් උත්සුක වී ඇත.

Write a review

Captcha