දුලවන්නියෝ



පසුගිය කාල වකවානුවේ අප රට තුළ සිදු වූ සමාජ විපර්යාසය, දේශපාලන හා පුද්ගලාන්තර වශයෙන් ගෙන දුන් මහත් දෝමනස්ස සිද්ධීන් සමඟ මුළු මහත් සමාජය ම දේශපාලනීකරණයට ලක් වීමත්, සිදුවිය. එහි ජීවත් වන මිනිසුනට එයින් මිදීමක් නොවීය. එබැවින් එම මඩ ගොහොරුවේම එරීමට මිනිසුන්ට සිදුවිය. නමුත් මඩ ගොහොරුවට නොවැටී එයින් මිදී උඩු ගං බලා යාමට තැත් දරණා මිනිසුන් ද අප අතර ඉඳහිට හෝ පහළ වේ. ඔවුන්ට පැමිණෙන නේක බාධක, කම්කටුලු හා හිංසන විඳිමින් ඒවායින් නොසැලී තම යහපත් සිතුවිලි මත්තේම මිය යන දනන් ද අප අතර නැතිවා නොවේ. මෙම නවකතාව එවන් වූ උතුම් මිනිසුන් වෙනුවෙන් හද පැන නඟින සිතුවිලි එළි කරලීමට ගත් ප්‍රයත්නයක ඵලයකි.

Write a review

Captcha