"අද්‍යතන කාව්‍ය කලාව යනු සුමට සමාජ පෘෂ්ඨය සෞම්‍යව ස්පර්ශ කරන කලාවක් ලෙස නොව, රාමුගත සාම්ප්‍රදායෙන් බිඳී, නමුත් කාව්‍යා්චිතත්වය රැකගනිමින් ගැඹුරු සමාජ චින්තාවයෙන් යුක්තව භාෂාත්මක රූපකාත්මක නව්‍යත්වයකින් රසිකයා වෙත සම්ප්‍රේෂණය කරන කලාවකැයි සිතමි." තම දෙවනි කාව්‍ය සංග්‍රහය තුළදී ගුරුගොඩ සිරිවිමල හිමි එකී මාර්ගය සොයා පාදන්නට වෙහෙස වන අයුරු මෙම කෘතිය උපේක්ෂාවෙන් අධ්‍යයනය කරන්නෙකුට වැටහෙනු ඇත.