ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ න්‍යායම ගළපන්නට පුළුවන්, කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළංවීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම මේ සියල්ලක්ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහසම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඩියාව වගේ, කවියක කියැවෙන දේ සහ නොකියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට උපේක්ෂාව යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.