නැගෙනහිර සුළඟ



වියපත් දොස්තර වොට්සන් වෙත ලැබෙන අයිරින් ඇඩ්ලර්ගේ දිනපොතක් ඔස්සේ ඔහු දැන නොසිටි 1882 වර්ෂය ගැන නැගෙනහිර සුළඟ ඔස්සේ අනාවරණය වේ. යුරෝපයේ අරාජික ක්‍රියාකාරීත්වය මඟින් රාජ්‍ය නායකයින් ඝාතනය කෙරෙන අතරේ එක්සත් ජර්මනිය ශක්තිමත්වීම අනාගත නැගෙනහිර සුළඟක පෙර නිමිති ෂර්ලොක්ගේ ඉවට හසු වේ. ඔහු විසින් වික්ටෝරියා රැජිණ ඝාතන තැත ව්‍යර්ථ කරන නමුත් ඉතාලි ජනපත් ඝාතනය වැළැක්වීමට අසාර්ථක වේ. මේ අතරේ චැනෙල් උමඟ ඔස්සේ එන ජර්මානු ආක්‍රමණය ෂර්ලොක්ගේ බුද්ධියට හසු වේ. සියල්ල මෙහෙයවන භෛන්‍රීව් ගෘෘබර් නම් ජර්මානු ඉංජිනේරුවා ජෙනරාල් වුල්ස්ලි ලෙසින් වෙස්වලාගෙන යන ෂර්ලොක් විසින් ඝාතනය කර එම ප්‍රයත්නය ව්‍යර්ථ කරන නමුදු මෙහිදී මීයෙන්ට පෙර ගෘෘබර් විසින් අයිරීන් සහ ෂර්ලොක් අතර භේදයක් ඇති කරවයි. අයිරින් සිය මරණය සිදු වූ බවට හඟවා ආරාජික ක්‍රියාකාරීත්වයේ ඊළඟ නායක මොරියාටි හා එකතු වේ. අයිරින්ගේ වියෝව සමඟ ෂර්ලොක් ගල් හිතක් ඇති අයෙකු බවට පත් වේ.

Write a review

Captcha