වාමාංශික ජනතාවාදයක් කරා



මෙම කෘතිය අප මුහුණදී තිබෙන වත්මන් බහුවිධ අර්බුදය හමුවේ වාමාංශික දේශපාලනයට කිසියම් උපායමාර්ගික දැක්මක් යෝජනා කිරීමේ අරමුණින් රචනා කෙරුණකි. එය එක් අතකින් පසුගිය වසරවලදී මැතිවරණ දේශපාලන ගණය කෙරෙහි වැඩි අවධානයක් යෙදවූ වාමාංශික පක්ෂවල අසාර්ථකත්වය පිළිබඳ විවේචනාත්මක විවරණයක් ඉදිරිපත් කරයි. අනෙක් අතින්, විශේෂයෙන්ම පශ්චාත් මාක්ස්වාදී නායික සංවාදයෙන් සහ ඇතැම් ගෝලීය අත්දැකීම්වල පසුගිය වසරවලදී මැතිවරණ දේශපාලන ගනය පත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යෙද වූ වාමාංශික ආභාසයෙන් වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් දැක්මක් ගොඩ නැංවීමේ හැකියාව සාකච්ජාවට ලක් කරයි. මෙය සමකාලීන දේශපාලන සහ සමාජ ගණයෙහි නව වර්ධනයන් පිළිබඳ හැඳින්වීමක් ගෙන එන අතරම ආසන්න දේශපාලන අභියෝග සහ අර්බුද කෙරෙහි ප්‍රතිචාර දැක්වීමක්ද සිදු කරයි. මෙහි එන කේන්ද්‍රීය පණිවිඩය වන්නේ ගෝලීය වසංගතයේ අර්බුදය හමුවේ විරෝධතා දේශපාලනයෙන් ඔබ්බට ගිය ප්‍රතිජනනාත්මක වාමාංශික වනහරයක් සඳහා අවස්ථාව නිර්මාණය වී පවතින බවත්, එම අවස්ථාව ග්‍රහණය කර ගැනීම සඳහා නව උපාය මාර්ගික දැක්මක් ගොඩ නඟා ගැනීමට වාමාංශික පක්ෂ, කණ්ඩායම් සහ බලවේග උත්සුක විය යුතු බවත්ය.

Write a review

Captcha